Sunday, September 24, 2017

මළවුන්ගේ ආත්ම සැරිසරන බිහිසුනු වධකාගාරය

  චිලිංග්හැම් මාලිගය
අතීතයේ යුරෝපයේ සිටි වංශවතුන්ගේ බලකොටු හා මාලිගා තවමත් ඉතිරිව පවතී.මෙම බලකොටුවද එවැන්නකි.මෙහි විශේෂත්වය වනුයේ එංගලන්තයේ වැඩියෙන්ම අත්භූත බලවේග පවතින මාලිගා වලින් එකක් වීමයි
එංගලන්තයේ නොදම්ලන්ඩ්හි උතුරු පළාතේ චිලිංග්හැම් ගම්මානයේය. ස්කොට්ලන්තයත්
 එංගලන්තයත් අතර පිහිටි මෙම බලකොටුව වරින් වර යුද්ධයට යන ඉංග්‍රීසි පාලකයන්ගේ නවාතැනක් බවට පත් වී ඇත. ඉන්පසු එය ස්ථිරවම දෙරට අතර ආරක්ෂක බලකොටුව බවට පත්ව ඇත. 
යුද්ධය සමයේදිී අත්අඩංගුවට ගත් සිරකරුවන් රදවා තබා ගත් කාලයේදිී මෙය මිනිස් හිංසනයට 
තෝතැන්නක් බවට පත්විය. චිලිංග්හැම් මාලිගයේ බිම් මහලේ එක් තැනක උගුල් දොරක් ඇත.සිරකරුවන් ගෙන විත් වධකාගාරයේදී අතපය කඩා මේ උගුල් දොරටුව වෙන් පහළට තල්ලුකරයි. උගුල් දොරටුවෙන් පහළට වැටෙන සිරකරුවා වැටෙන්නේ අඩි 20 ගැඹුරින් පොළොව යට ඇති කළුවර බිම් සිරගෙටය.එය අළුතින් එකතු කරන ලැබූ වැදගත්ම අංගයයි.
                              මෙහි සිරකරුවන් බොහෝ විට තබන්නේ නිරාආහාරවය.කුසගින්න නිවාගැනීම සදහා
 මියගිය සිරකරුවන්ගේ මළ සිරුරු ආහාරයට ගත් බවද කියවේ.මේබිහිසුනු කරුනු අනාවරණය වූයේ සිරකරුවන් විසින් බිත්ති වල කුරුටුගෑ දේවල් මගිනි. එම සටහන් අදටද දක්නට ලැබේ. 
එසේ ම අදටත් බලාගැනීම සදහා දරුණු මිනිස් හිංසනයන්ට 
 යොදා ගත් වධකාගාරයයි. මෙහි පොළව එක් පැත්තකට පහත්කර නිර්මාණය කර ඇත. ඒ වධහිංසාවට ලක් වන සිරකරුවාගේ රුධිරය කාණු වලට බැහැර කිරීම සදහා ය.මෙම වධකාගාරය බාරව සිටි නිලධාරියා ජෝන් සේජ් එච්වඩ්ය.
මෙහි තනි මිනාසෙක් එල්ලා තැබිය හැකි විශාල යකඩ කූඩුවක්
හමුවී ඇත.තවද සිරකරුවා ඉන්දවා අතපය බැද තැබිය හැකි උල් ඇණ පුටුවක් ද හමුවී ඇත.තියුණු තුඩු සහිත යකඩ උල්වලින් ඇතුළත පෘෂ්ඨය තැනුණු පීප්ප වර්ගයක් ද ඇත. මේ පීප්ප වලට සිරකරුකන් දමා වසා පීප්පය බිම පෙරලා ඇති බව සදහන්ය.ජෝන් සේජ් විසින් නිරිමාණය කරන ලද මෙවැනි බිහිසුනු වදක උපකරණ චිලිංග්හැම් මාලිගයේ අදටත් සුරක්ෂිතව ඇත.

පසු කාලීනව මෙම මාලිගයේ අළුත් වැඩියා කර ඇත.  එහිදී  
 මාලිගයේ බිත්තියකට පණ පිටින් පිරිමි ළමයෙකු තබා ඊට ඉදිරියෙන් ගඩොලින් බිත්තියක් බැද ඇත.මේ ළමයා මාලිගය තුළ සැරිසරන බව පවසයි.මේ පිරිමි ළමයාගේ අවතාරය නම් කර ඇත්තේ නිල් පිරිමි ළමයා යන නමිනි.ඒ මෙහි සිටින ප්‍රසිද්ධම අවතාරයයි.  
චිලිංග්හැම් මාලිගයට යන සංචාරකයන් පවසන්නේ අන්ධකාර
හිරගෙය තුළදී කිසිවෙකු තමන්ව පහුරුගාන සපාකන හෝ හිසකෙස් වලින් අදින අන්දමේ හිරිහැර කරන බව දැනුණු බවය.චිලිංග්හැම් මාලිගය පිළිබද මේ වනවිට  පොත්පත් වාර්තා වැඩසටහන් මෙන්ම ඒ ආශ්‍රිත වෘතාන්ත වලින් චිත්‍රපට පවා නිර්මාණය කර ඇත.

1 comment:

බාහුබලී පසුතල නිර්මාණය කෙරූ

රමෝජි සිනමා නගරය බාහුබලිීනම් ලෝකප්‍රසිද්ධ සිනමා පටයේ පසුතල නිර්මාණය අබියස දැවැන්ත බව ස්ථාරූපී පෙනුම ආකර්ෂණීත්වය මන මෝහනයට පත් කරන පරි...