Saturday, October 7, 2017

බාහුබලී පසුතල නිර්මාණය කෙරූ

රමෝජි සිනමා නගරය

බාහුබලිීනම් ලෝකප්‍රසිද්ධ සිනමා පටයේ පසුතල නිර්මාණය අබියස දැවැන්ත බව ස්ථාරූපී පෙනුම ආකර්ෂණීත්වය මන මෝහනයට පත් කරන පරිසරයක් ගොඩනැගෙයි. 

                                               ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රාන්තයේ රමෝජි සිනමා නගරය පිහිටා ඇත. එය අක්කර 1166කින් සමන්විතය. ලොව විශාලතම සිනමා නගරය සේ සැලකෙන මෙය සංචාරකයන්ට නගර සංචාරය හැරුනුකොට මංගල අවස්ථා සදහා ඉඩකඩ ලබාදීම සජීවී චිත්‍රපට නැරඹීම ආදී විවිධාංග ගණනාවක් එක්කොට ඇත.
           
                                            මෙහි එක්  වීදියක නිවාස ලන්ඩනය සිහි ගන්වද්දී තවත් වීදියක් දිල්ලි නගරය සිහි කරයි. තවත් පැත්තක දෙවගනන් සහ වතුරමල් සහිත උද්‍යාන වෙද්දී අනෙක් පැත්තේ සිර මැදිරියකි.
                                 මෙහි සිනමා පට කිහිපයක් සදහා එකවර දර්ශන තල සැපයීමට හාකියාව ඇත.ගොඩනැගිලි ගෙවතු නගර ආදිය අධ්‍යක්ෂක වරයාට අවශ්‍ය පරිදි ඉතා ඉක්මණින් සකසා දීමට හැකියාව ඇත.


Monday, October 2, 2017

මනල්කාඩු වැලිකදු

අරාබිකරය සිහිගන්වන ලංකාවේ වැලිකදු
          


            දීර්ඝ කාලයක් තිස්සේ පැවති යුද්ධයෙන් පසුව ලංකාවේ උතුරු ප්‍රදේශය නැරඹීමට යාමට බොහෝ දෙනා පෙළඹෙති. ඒ අතර නාගදීපය දඹකොළ පටුන වැනි ස්ථාන වලට ප්‍රධාන තැනක් හිමිවේ.නමුත් උතුරු ප්‍රදේශයේ ග්‍රාමීය පෙදෙස් වල සංචාරය කරන්නන් බොහෝ අඩුය.

                                බොහෝ විට වැලිකදු දක්නට ලැබෙන්නේ අරාබිකරය හෝ කාන්තාර ලක්ෂණ ඇති ප්‍රදේශ වලය. නමුත් ලංකාවේ උතුරු කෙළවරේ නැගෙනහිර වෙරළේ පිහිටා ඇති මනල්කාඩු ප්‍රදේශය දුටුවකුට එකවර සිහිවන්නේ කාන්තාරය. පේදුරුතුඩු නගරයෙන් දකුණු දෙසට ටික දුරක් ගොස් වමට තිබෙන කුඩාපාරකින් ගිය විට මනල්කාඩු 
වෙරළ තීරයට පිවිසීමට හකියාව තිබෙනවා. මනල්කාඩු පාරේ අවසන් කොටස වැලි සහිත නිසා පයින් යාම තමයි හොදම දේ.මෙම වෙරළේ විටින් විට වැලි කුණාටු ද ඇති වේ.
                            
                               යාපනය අර්ධද්වීපයේ විශාලම පයිනස් වනාන්තර පිහිටා තිබෙන්නේ මෙම ප්‍රදේශයේ ය.මෙම ප්‍රදේශයේ දැනට පවුල් 300ක් පමණ ජීවත් වෙනවා.ඔවුන් ගේ ප්‍රධාන ජීවනෝපාය ධීවර කර්මාන්තය යි. මෙහි නටබුන්ව ගිය පැරණි කතෝලික දේවස්ථානයක් ද ඇත. 


Sunday, September 24, 2017

මළවුන්ගේ ආත්ම සැරිසරන බිහිසුනු වධකාගාරය

  චිලිංග්හැම් මාලිගය
අතීතයේ යුරෝපයේ සිටි වංශවතුන්ගේ බලකොටු හා මාලිගා තවමත් ඉතිරිව පවතී.මෙම බලකොටුවද එවැන්නකි.මෙහි විශේෂත්වය වනුයේ එංගලන්තයේ වැඩියෙන්ම අත්භූත බලවේග පවතින මාලිගා වලින් එකක් වීමයි
එංගලන්තයේ නොදම්ලන්ඩ්හි උතුරු පළාතේ චිලිංග්හැම් ගම්මානයේය. ස්කොට්ලන්තයත්
 එංගලන්තයත් අතර පිහිටි මෙම බලකොටුව වරින් වර යුද්ධයට යන ඉංග්‍රීසි පාලකයන්ගේ නවාතැනක් බවට පත් වී ඇත. ඉන්පසු එය ස්ථිරවම දෙරට අතර ආරක්ෂක බලකොටුව බවට පත්ව ඇත. 
යුද්ධය සමයේදිී අත්අඩංගුවට ගත් සිරකරුවන් රදවා තබා ගත් කාලයේදිී මෙය මිනිස් හිංසනයට 
තෝතැන්නක් බවට පත්විය. චිලිංග්හැම් මාලිගයේ බිම් මහලේ එක් තැනක උගුල් දොරක් ඇත.සිරකරුවන් ගෙන විත් වධකාගාරයේදී අතපය කඩා මේ උගුල් දොරටුව වෙන් පහළට තල්ලුකරයි. උගුල් දොරටුවෙන් පහළට වැටෙන සිරකරුවා වැටෙන්නේ අඩි 20 ගැඹුරින් පොළොව යට ඇති කළුවර බිම් සිරගෙටය.එය අළුතින් එකතු කරන ලැබූ වැදගත්ම අංගයයි.
                              මෙහි සිරකරුවන් බොහෝ විට තබන්නේ නිරාආහාරවය.කුසගින්න නිවාගැනීම සදහා
 මියගිය සිරකරුවන්ගේ මළ සිරුරු ආහාරයට ගත් බවද කියවේ.මේබිහිසුනු කරුනු අනාවරණය වූයේ සිරකරුවන් විසින් බිත්ති වල කුරුටුගෑ දේවල් මගිනි. එම සටහන් අදටද දක්නට ලැබේ. 
එසේ ම අදටත් බලාගැනීම සදහා දරුණු මිනිස් හිංසනයන්ට 
 යොදා ගත් වධකාගාරයයි. මෙහි පොළව එක් පැත්තකට පහත්කර නිර්මාණය කර ඇත. ඒ වධහිංසාවට ලක් වන සිරකරුවාගේ රුධිරය කාණු වලට බැහැර කිරීම සදහා ය.මෙම වධකාගාරය බාරව සිටි නිලධාරියා ජෝන් සේජ් එච්වඩ්ය.
මෙහි තනි මිනාසෙක් එල්ලා තැබිය හැකි විශාල යකඩ කූඩුවක්
හමුවී ඇත.තවද සිරකරුවා ඉන්දවා අතපය බැද තැබිය හැකි උල් ඇණ පුටුවක් ද හමුවී ඇත.තියුණු තුඩු සහිත යකඩ උල්වලින් ඇතුළත පෘෂ්ඨය තැනුණු පීප්ප වර්ගයක් ද ඇත. මේ පීප්ප වලට සිරකරුකන් දමා වසා පීප්පය බිම පෙරලා ඇති බව සදහන්ය.ජෝන් සේජ් විසින් නිරිමාණය කරන ලද මෙවැනි බිහිසුනු වදක උපකරණ චිලිංග්හැම් මාලිගයේ අදටත් සුරක්ෂිතව ඇත.

පසු කාලීනව මෙම මාලිගයේ අළුත් වැඩියා කර ඇත.  එහිදී  
 මාලිගයේ බිත්තියකට පණ පිටින් පිරිමි ළමයෙකු තබා ඊට ඉදිරියෙන් ගඩොලින් බිත්තියක් බැද ඇත.මේ ළමයා මාලිගය තුළ සැරිසරන බව පවසයි.මේ පිරිමි ළමයාගේ අවතාරය නම් කර ඇත්තේ නිල් පිරිමි ළමයා යන නමිනි.ඒ මෙහි සිටින ප්‍රසිද්ධම අවතාරයයි.  
චිලිංග්හැම් මාලිගයට යන සංචාරකයන් පවසන්නේ අන්ධකාර
හිරගෙය තුළදී කිසිවෙකු තමන්ව පහුරුගාන සපාකන හෝ හිසකෙස් වලින් අදින අන්දමේ හිරිහැර කරන බව දැනුණු බවය.චිලිංග්හැම් මාලිගය පිළිබද මේ වනවිට  පොත්පත් වාර්තා වැඩසටහන් මෙන්ම ඒ ආශ්‍රිත වෘතාන්ත වලින් චිත්‍රපට පවා නිර්මාණය කර ඇත.

Friday, September 22, 2017

දඹකොළ පටුන

දඹකොළ පටුන


ශ්‍රී ලාංකිකයන්හට වැදගත් වූ මෙම ස්ථානය බෞදයන්ටද වැදගත් වේ.සංඝමිත්තා තෙරණින්වහන්සේ විසින් මෙරටට දඹකොළ පටුන හරහා ශ්‍රී මහා බෝධීන්වහන්සේ වැඩම කිරීමේ අවස්ථාව සිහිකිරීම සදහා දේවානම්පිය තිස්ස රජතුමා විසින් සංඝමිත් මෙහෙනින්වහන්සේ ගොඩබට මෙම ස්ථානයේ පන්සලක් ඉදිකොට එය සමුද්‍ර පන්සල ලෙසද පසුව ජම්බුකොළ විහාරය ලෙස හදුන්වා ඇත.



  • ගමන්මග

              යාපනය නගරයේ සිට කිලෝමීටර 20 පමණ දුරින් කන්කසන්තුරේ මාර්ගයේ ගොස් මාවිද්දපුරම් හන්දියෙන් වමට හැරී කිලෝමීටර 2 පමණ ගියවිට නගුලේස්වරම් කෝවිල හමුවේ. එතැන්සිට තල් අරඹ මැදින් වෙරළපාර ඔස්සේ කරෙයිනගර් පැත්තට කිලෝමීටර් 5 පමණ යද්දී සුන්දර උතුරු වෙරළේ පිහිටි දඹකොළපටුන දැකගන්නට පුළුවනි.

  • දැනට පවතින තත්වය
                     කාලයත් සමග බොහෝ දේ විනාශ වූ නමුත් දැනට පවතින බොහෝ දේ නාවික හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කර ඇත.එහි වෙහෙර බුදුගෙය  බෝධිය හැරුනු විට ශ්‍රී මහා බෝධිය වඩම්මන සංඝමිත් පිළිරුවක් ඇත.


බාහුබලී පසුතල නිර්මාණය කෙරූ

රමෝජි සිනමා නගරය බාහුබලිීනම් ලෝකප්‍රසිද්ධ සිනමා පටයේ පසුතල නිර්මාණය අබියස දැවැන්ත බව ස්ථාරූපී පෙනුම ආකර්ෂණීත්වය මන මෝහනයට පත් කරන පරි...