Saturday, October 7, 2017

බාහුබලී පසුතල නිර්මාණය කෙරූ

රමෝජි සිනමා නගරය

බාහුබලිීනම් ලෝකප්‍රසිද්ධ සිනමා පටයේ පසුතල නිර්මාණය අබියස දැවැන්ත බව ස්ථාරූපී පෙනුම ආකර්ෂණීත්වය මන මෝහනයට පත් කරන පරිසරයක් ගොඩනැගෙයි. 

                                               ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රාන්තයේ රමෝජි සිනමා නගරය පිහිටා ඇත. එය අක්කර 1166කින් සමන්විතය. ලොව විශාලතම සිනමා නගරය සේ සැලකෙන මෙය සංචාරකයන්ට නගර සංචාරය හැරුනුකොට මංගල අවස්ථා සදහා ඉඩකඩ ලබාදීම සජීවී චිත්‍රපට නැරඹීම ආදී විවිධාංග ගණනාවක් එක්කොට ඇත.
           
                                            මෙහි එක්  වීදියක නිවාස ලන්ඩනය සිහි ගන්වද්දී තවත් වීදියක් දිල්ලි නගරය සිහි කරයි. තවත් පැත්තක දෙවගනන් සහ වතුරමල් සහිත උද්‍යාන වෙද්දී අනෙක් පැත්තේ සිර මැදිරියකි.
                                 මෙහි සිනමා පට කිහිපයක් සදහා එකවර දර්ශන තල සැපයීමට හාකියාව ඇත.ගොඩනැගිලි ගෙවතු නගර ආදිය අධ්‍යක්ෂක වරයාට අවශ්‍ය පරිදි ඉතා ඉක්මණින් සකසා දීමට හැකියාව ඇත.


Monday, October 2, 2017

මනල්කාඩු වැලිකදු

අරාබිකරය සිහිගන්වන ලංකාවේ වැලිකදු
          


            දීර්ඝ කාලයක් තිස්සේ පැවති යුද්ධයෙන් පසුව ලංකාවේ උතුරු ප්‍රදේශය නැරඹීමට යාමට බොහෝ දෙනා පෙළඹෙති. ඒ අතර නාගදීපය දඹකොළ පටුන වැනි ස්ථාන වලට ප්‍රධාන තැනක් හිමිවේ.නමුත් උතුරු ප්‍රදේශයේ ග්‍රාමීය පෙදෙස් වල සංචාරය කරන්නන් බොහෝ අඩුය.

                                බොහෝ විට වැලිකදු දක්නට ලැබෙන්නේ අරාබිකරය හෝ කාන්තාර ලක්ෂණ ඇති ප්‍රදේශ වලය. නමුත් ලංකාවේ උතුරු කෙළවරේ නැගෙනහිර වෙරළේ පිහිටා ඇති මනල්කාඩු ප්‍රදේශය දුටුවකුට එකවර සිහිවන්නේ කාන්තාරය. පේදුරුතුඩු නගරයෙන් දකුණු දෙසට ටික දුරක් ගොස් වමට තිබෙන කුඩාපාරකින් ගිය විට මනල්කාඩු 
වෙරළ තීරයට පිවිසීමට හකියාව තිබෙනවා. මනල්කාඩු පාරේ අවසන් කොටස වැලි සහිත නිසා පයින් යාම තමයි හොදම දේ.මෙම වෙරළේ විටින් විට වැලි කුණාටු ද ඇති වේ.
                            
                               යාපනය අර්ධද්වීපයේ විශාලම පයිනස් වනාන්තර පිහිටා තිබෙන්නේ මෙම ප්‍රදේශයේ ය.මෙම ප්‍රදේශයේ දැනට පවුල් 300ක් පමණ ජීවත් වෙනවා.ඔවුන් ගේ ප්‍රධාන ජීවනෝපාය ධීවර කර්මාන්තය යි. මෙහි නටබුන්ව ගිය පැරණි කතෝලික දේවස්ථානයක් ද ඇත. 


බාහුබලී පසුතල නිර්මාණය කෙරූ

රමෝජි සිනමා නගරය බාහුබලිීනම් ලෝකප්‍රසිද්ධ සිනමා පටයේ පසුතල නිර්මාණය අබියස දැවැන්ත බව ස්ථාරූපී පෙනුම ආකර්ෂණීත්වය මන මෝහනයට පත් කරන පරි...